මෙම පාඨමාලාව ඔබේ ඉගෙනීම් කි‍්‍රයාවලිය තුළ සුදුසු අධ්‍යාපනික තාක්ෂණය සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම, කි‍්‍රයාත්මක කිරීම හා ඇගයීම සඳහා අවස්ථාව සලසා දෙයි.
මෙම පාඨමාලාව අධ්‍යාපන පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවේ 08 වන මට්ටමේ ඉදිරිපත් කෙරේ.

අධ්‍යාපනයේ මාර්ගෝපදේශනය සහ උපදේශනය STU5314, නාට්‍ය සහ රංගකලාව පිළිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධි වැඩසටහනෙහි හා ස්වභාවික විද්‍යාව පිලිබඳ ගෞරව උපාධි වැඩසටහනෙහි අනිවාර්ය පාඨමාලාවකි. මෙම පීථිකාව ඔබේ මාර්ගත ඉගෙනුම් ක්‍රියාකාරකම්වල නියැලීමට අවශ්‍ය සම්පත් සහ අවස්ථාව ලබා දීමට පහසුකම් සලසා ඇති අතර ම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී සිසුන්ගේ අධ්‍යයනපෞද්ගලික සහ සමාජීය සංවර්ධනය සඳහා සහාය වීමේ කලාව අවබෝධ කර ගැනීම සහ ප්‍රගුණ කිරීම සඳහා අත්‍යවශය වන දැනුම හා අවබෝධය ලබා දෙනු පිණිස මෙම පාඨමාලාව සැලසුම් කර ඇත.


ශ‍්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙහි අධ්‍යාපන පීඨයෙහි ද්වීතියික හා තෘතියික අධ්‍යාපන අධ්‍යානංශය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපනවේදී උපාධි (නාට්‍ය හා රංගකලා) ගෞරව උපාධි වැඩසටහනෙහි 5 වන මට්ටමට අයත් ඉතා සුවිශේෂී පාඨමාලාවක් ලෙස මෙය හැඳින්විය හැකිය.STU5415 පාඨමාලා කේතයෙන් හඳුනාගත හැකි මෙම පාඨමාලාව සම්මාන 4 කින් යුක්ත වේ.

අධ්‍යාපනවේදී (ගෞරව) නාට්‍ය හා රංගකලාව  උපාධි වැඩසටහනට සම්බන්ධ වී සිටින ඔබ සැමට 5 වන අදියරේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂයයක් ලෙස  STU5511 අධ්‍යපනික මනෝවිද්‍ය නම් පාඨමාලාව හැඳින්විය හැකිය.

ඔබ මේ පිවිසෙන්නේ STU5512 අධ්‍යාපනයේ පදනම නැමැති පාඨමාලාව හැදෑරීම සඳහායි. අධ්‍යාපනවේදී (ගෞරව) නාට්‍ය හා රංගකලාව උපාධි වැඩසටහනට සම්බන්ධවී සිටින ඔබට හැදෑරීමට ඇති එක් අනිවාර්‍යය පාඨමාලාවක් ලෙස STU5512 අධ්‍යාපනයේ පදනම හැඳින්විය හැකිය.

STU5518 පාඨමාලා කේතයට අනුව ”සෞන්දර්ය හා නිර්මාණාත්මක ක‍්‍රියාකාරකම්” යන මෙම පාඨමාලාව අන්තර්ගත වන්නේ අධ්‍යාපනවේදී (නාට්‍ය හා රංගකලා) ගෞරව උපාධි වැඩසටහනෙහි 05 වන මට්ටම යටතේයි. අධ්‍යාපනවේදී (නාට්‍ය හා රංගකලා) ගෞරව උපාධි වැඩසටහන ශ‍්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයෙහි, ද්වීතීයික හා තෘතීයික අධ්‍යාපන අධ්‍යයන අංශය විසින් ක‍්‍රියාත්මක කරනු ලබයි. මෙම පාඨමාලාව සම්මාන 5 කින් යුක්ත වන අතර, ඔබ මෙම පාඨමාලාව අධ්‍යයනය කිරීම සඳහා පැය 250ක කාලයක් වැය කළ යුතුය.

STU5817 පාඨමාලා කේතයට අනුව නාට්‍ය හා රංගකලාව සදහා අධ්‍යාපන තාක්ෂණයයන මෙම පාඨමාලාව අන්තර්ගත වන්නේ අධ්‍යාපනවේදී (නාට්‍ය හා රංගකලා) ගෞරව උපාධි වැඩසටහනෙහි 05 වන මට්ටම යටතේයි. මෙම පාඨමාලාව සම්මාන කින් යුක්ත වේ.

අධ්‍යාපනවේදී  (නාට්‍ය හා රංගකලා) ගෞරව උපාධි වැඩසටහන සඳහා ලියාපදිංචි වී සිටින ඔබට, STU6311 යනු 6 වන අදියරේ අනිවාර්යය පාඨමාලාවක් වන අතර සම්මාන 3 ක් හිමි පාඨමාලාවකි. 

STU5518 පාඨමාලා කේතයට අනුව ”සෞන්දර්ය හා නිර්මාණාත්මක ක‍්‍රියාකාරකම්” පාඨමාලාව අන්තර්ගත වන්නේ අධ්‍යාපනවේදී (නාට්‍ය හා රංගකලා) ගෞරව උපාධි වැඩසටහනෙහි 05 වන මට්ටම යි. අධ්‍යාපනවේදී (නාට්‍ය හා රංගකලා) ගෞරව උපාධි වැඩසටහන ශ‍්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයෙහි, ද්වීතීයික හා තෘතීයික අධ්‍යාපන අධ්‍යයන අංශය විසින් ක‍්‍රියාත්මක කරනු ලබයි. මෙම පාඨමාලාව සම්මාන 5කින් යුක්ත වන අතර, ඔබ මෙම පාඨමාලාව අධ්‍යයනය කිරීම සඳහා පැය 34ක කාලයක් වැය කළ යුතු ය.

STU6410 නව යෞවනයා පිළිබද මනෝවිද්‍යාව

මෙම පාඨමාලාව ද්විතීයික හා තෘතීයික අධ්‍යාපන අධ්‍යනාංශය මගින් පිරිනමනු ලබන, අධ්‍යාපනවේදී (ගෞරව) නාට්‍ය හා රංගකලාව උපාධි වැඩසටහනට සම්බන්ධව 6 වන අදියරේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂයයක් ලෙස සම්මාන හතරකින් යුතු පාඨමාලාවකි. මෙම පාඨමාලාව ඔබේ ඉගෙනීම් කි‍්‍රයාවලිය තුළ සුදුසු අධ්‍යාපනික තාක්ෂණය සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම, කි‍්‍රයාත්මක කිරීම හා ඇගයීම සඳහා අවස්ථාව සලසා දෙයි.